සැඩ පහරකට හසුවූ තිදෙනෙකු බේරාගත් මෙහෙයුම
January 1, 2024 09:07 pm
කන්තලේ-අග්බෝපුර කෙටි මාර්ගයේ ගිනිපෙට්ටි පාලම අසළදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාවත් සමග කන්තලේ වැවේ ජල මට්ටම ඉහළයාමත් සමග වාන් දොරටු හරහා වැඩි ජල ප්රමාණයක් මුදාහැරෙමින් පවතී.
මේ හේතුවෙන් ගිනිපෙට්ටි පාලම අසළින් අදාළ මාර්ගය ජලයෙන් යටවී ඇති අවස්ථාවක ඒ හරහා ගමන්කිරීමට උත්සාහ කළ තිදෙනෙකු මෙලෙස සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයේ පිහිටි ගසක් අල්ලාගෙන එහි රැඳී සිට ඇති අතර පසුව කන්තලේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැවේ වාන් දොරටු වසා දමා ඔවුන් බේරාගැනීමට කටයුතු කර ඇත.
කන්තලේ ගොවිපොළේ සේවයේ නිරතව සිය නිවෙස් බලා යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස සැඩ පහරට හසුවී ඇත.
මෙම ස්ථානයේ ජලය පිරීමත් සමග එහි පැමිණෙන බොහෝ පිරිසක් දියනෑමේ නිරතවන අතර එය අවදානම් බව වාරිමාර්ග නිලධාරීන් පවසයි.
කන්තලේ වැවේ වාන් දොරටු විවෘත කෙරෙන ප්රමාණයන් විටින් විට වෙනස් වන බැවින් එහි ජල මට්ටම විවිද අවස්ථාවල අඩුවැඩි වීම එයට හේතුවයි.
මේ හේතුවෙන් කන්තලේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසටය.