රජයේ අනුමත ගෙවීම් සඳහා මුදල් නිකුත් කෙරේ
December 29, 2023 05:19 pm
2023 අයවැයට සමගාමී ව 2023 දෙසැම්බර් 15 දක්වා සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කර තිබේ.
වසර 25කට පසු සියලු ගෙවීම් වසරක් තුළ පියවූ පළමු අවස්ථාව මෙය වන බව වාර්තා වේ.
2023 දෙසැම්බර් 19 දක්වා විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂිත දීමනා සඳහා හිඟ මුදල් ද නියමිත වෙලාවට ලබා දීම ද භාණ්ඩාගාරය සහතික කර ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව වාර්තා කරයි.