ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්
December 23, 2023 01:28 pm
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව පිහිටුවීමට මෙරට සිසුවෙක් සමත් වී තිබේ.
එලෙස වාර්තාව පිහිටුවා ඇත්තේ, ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන නව හැවිරිදි භාක්‍යරාසා මුරලිදරන් නම් බලංගොඩ දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ලෝකයේ සියලුම රටවල අගනුවර, ධජය, මුදල් ඒකකය, වත්මන් නායකයන්, එම රටවල් ප්‍රසිද්ධ ක්‍රිඩාවන් සහ සමාන්‍ය දැනුම ආශ්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් භාක්‍යරාසා මුරලිදරන් සිසුවා චෝලන් ලෝක වාර්තාව පිහිටුවා ඇත.
සිසුවාට හිමි පදක්කම සහ සහතික පත්‍රය චෝලන් ලෝක වාර්තා පොත් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උපසභාපති ශ්‍රී නාගවානි රාජා මහතා සහ ප්‍රධාන විධායක කමිටු සභික පෙරුමාල් නීලමේගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනමා තිබේ.
