මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ නිවසක් වටලයි
December 20, 2023 04:45 pm
ගංජා මිශ්‍ර මාවා නිෂ්පාදනය කරමින් තිබූ නිවසක් වැටලීමට මාලිගාවත්ත පොලීසිය සමත්වී තිබේ.
ඒ මාලිගාවත්ත පොලිස් වසමේ RB වත්ත ප්‍රදේශයේදීය.
එහිදී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා මිශ්‍ර මාවා කිලෝ 03යි ග්‍රෑම් 520ක්, ගංජා මිශ්‍ර පුවක්, විදුලි තරාදියක්, සීලර් යන්ත්‍රයක්, රසායනික ද්‍රව්‍ය සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.