රොෂාන් ජනාධිපතිවරණයට ?
December 15, 2023 10:18 pm
ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ වංචා දූෂණ ද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියාසිටියේ මහනුවර මල්වතු හා අස්ගිරි විහාරස්ථාන වෙත අද (15) පැමිණි අවස්ථාවේදී ය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය පිළිබඳවත් ඔහු මෙහිදී ඉඟි පළ කළේය.
ප්රශ්නය - ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණයෙන් මුදාගැනීමේ මෙහෙයුම අත්හැරල ද?
"කවුද කිව්වේ? මම උපරිම උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් මේක ජනාධිපතිවරයෙන් හරි අවසන් කරනවා. ජනාධිපතිවරණයෙන් ක්‍රීඩාවේ දුෂණ විතරක් නෙමෙයි අනෙක් දුෂණත් නතර වෙන්න ඕනේ..."
ප්රශ්නය - සියලු පක්ෂ එකතුවෙලා 2024 දී ඔබතුමාට කියනවා පොදු අපේක්ෂකයා විදියට ඉස්සරහට එන්න කියලා. ඔබතුමා භාරගන්නවා ද නැද්ද?
"ඔබතුමාට යම් විශ්වාසයක් ඇවිල්ලා.අනෙක් පක්ෂවලට යම් විශ්වාසයක් ඇවිල්ලා කිව්වොත් අනේ... අනේ... මට බෑ කියලා කියලා මම හැංගෙන මිනිහෙක් නෙමෙයි. වගකීම භාරගන්නවා."
ප්රශ්නය - 2024ට ඔබතුමාගේ අලුත් ඇඳුමට මෙෂමන්ට් දීලා ඉවරද?
"අනේ නෑ... මම කවදාවත් ඇඳුම් මහපු මිහිහෙක් නෙමෙයි."