මිහින්තලයේ ආරක්ෂාව ගැන පොලීසියෙන් දැනුම්දීමක්

මිහින්තලයේ ආරක්ෂාව ගැන පොලීසියෙන් දැනුම්දීමක්

December 10, 2023   03:38 pm

මිහින්තලය පූජා භූමිය සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් කිසිවෙකු ඉන් ඉවත්කර ගැනීමට තීරණයක් ගෙන නොමැති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව අඛණ්ඩව තවදුරටත් පොලීසිය මිහින්තලය පුදබිමේ ආරක්ෂක කටයුතු රාජකාරීවල නිරතවන බවය.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ මිහින්තලය පුදබිමට ලබාදී තිබූ ආරක්ෂක අංශ සාමාජිකයින් 252ක් අද (10) ඉවත්කරගන්නා බවය.