ජනවාරියේ විදුලි ගාස්තු සංශෝධනයක්

ජනවාරියේ විදුලි ගාස්තු සංශෝධනයක්

December 9, 2023   01:05 pm

ලබන ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම නව විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීළග සභාවාරය තෙක් ප්‍රමාද කරන බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ලබන 12 හෝ 13 යන දිනවල අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදු නොකරන බව නව විදුලි බල පනත් කෙටුම්පත පිළිබඳ විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශවලට පිළිතුරු ලබා දෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා අවධාරණය කළේය.