යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම ගැන පැහැදිලි කිරීමක්

යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම ගැන පැහැදිලි කිරීමක්

December 6, 2023   07:18 pm

යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡාවලට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙම සාකච්ඡා ඔක්තෝබර් මස 30 වන දින සිට නොවැම්බර් මස පළමු වනදා දක්වා කොළඹදී පැවති අතර එහිදී ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම දෙපාර්ශ්වයේ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන් ය.

ඒ අනුව 13 වන වටයේ සාකච්ඡා ජනවාරි මස 08 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමටත් තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මාර්තු මාසය වනවිට පැවැත්වීමටත් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව, 12 වන වටයේ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ලෝක බැංකුව විසින් අරමුදල් සපයන මූල්‍ය අංශයේ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.