මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ දෙදෙනකුට මරණ දඬුවම
December 5, 2023 12:08 pm
අතින් පයින් සහ පොලුවලින් හිසට සහ උදරයට පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කළ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විත්තිකරුවන් දෙදෙනාටම මරණ දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඩුවම නියම වූයේ මහනුවර උණුමින්න කන්දේ හංදිය ගුරුබැද්ද පදිංචිකරුවන් වන ඩී. එම්. සමන් කුමාර දිසානායක සහ ඒ. එම්. සමරකෝන් බංඩාර විජේකෝන් යන විතිතිකරුවන්ටය.
විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.
2010 වසරේ ජූලි 27 වනදා හෝ ඊට අසන්න දිනයක මහනුවර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්දේ හංදියේදී පොලු වලින් සහ අතින් පයින් පහර දී සාමි අයියා ධන බාලසිංහම් යන අයව ඝාතනය කල බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව මෙම විත්තිකරුවන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.
මෙම නඩුවට නම් කර සිටි සාක්ෂිකරුවන් ගණන 14 කි.
ඉන් හතක් ඇසින් දුටු සාක්ෂි ය.