වෛද්‍ය පීඨ සිසුන් 180ක් හන්තාන කඳු මුදුනේ සිරවෙයි

වෛද්‍ය පීඨ සිසුන් 180ක් හන්තාන කඳු මුදුනේ සිරවෙයි

December 2, 2023   11:09 pm

11.14 pm යාවත්කාලීන කිරීම 

හන්තාන කඳු මුදුනේ සිරවූ වෛද්‍ය පීඨ සිසුන් 180ක් බේරා ගැනේ

හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඔවුන් සොයාගෙන ඇත.

-------------------------------------------

11:09 pm - වෛද්‍ය පීඨ සිසුන් 180ක් හන්තාන කඳු මුදුනේ සිරවෙයි

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180දෙනෙකු හන්තාන කඳු මුදුනෙහි සිරවී සිටින බව පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දැඩි මීදුම් තත්ත්වයක් පවතින නිසා එම ප්‍රදේශයට ළඟා වීමට දැඩි අපහසු තත්ත්වයක් පවතින බවය.

කෙසේවෙතත් එම සිසුන් පිරිස මුදා ගැනීම සඳහා  යුද හමුදාව සහ පොලීසිය මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.