19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

December 2, 2023   01:07 pm

සෙට්ටිකුලම ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන් සතු මුදල් හා රන්මාලයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 30 වනදා ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ දී මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව ඊට අවශ්‍ය ව සිටි 19 හැවිරිදි තරුණයෙකු කිලිනොච්චිය, උරිත්තිකුලම් ප්‍රදේශයේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සෙටිට්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු ගෙන් කළ ප්‍රශ්න කිරීම්හි දී අපරාධය සිදු කළ අවස්ථාවේ දී ඔහු හැඳ සිටි ඇඳුම් සහ කොල්ලකන ලද රන් මාලයක කොටසක් බෑගයක බහා ළිඳකට දමා තිබිය දී සොයාගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෙටිට්කුලම පොලීසිය විමර්ශන සිදු කරයි.