උකුස්සාට කොටු වූ ව්‍යාජ විභාග සහතික ජාවාරම
November 29, 2023 08:17 pm
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛන කූට ලෙස සකසන ස්ථානයක් පිළිබඳ උකුස්සා ඊයේ (28) රට හමුවේ අනාවරණ කළේය.
උකුස්සාගේ අද අනාවරණය එහි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකරගත් ආකාරය පිළිබඳවයි.
ජාවාරම සිදු කෙරුණේ කෑගල්ල, නිදහස් මාවතේ වෙළෙඳ සංකීර්ණයක් තුළයි.
විභාග අසමත් පිරිස් සමත් ලෙස සඳහන් කිරීමට රුපියල් 35,000 සිට 45,000 දක්වා මුදලක් අයකරමින් ජාවාරම්කරු ප්‍රතිඵල ලේඛන කූට ලෙස සකස් කරන බව ද එහි දී හෙළි විය.
ඒ අනුව අපි පළමුව අදාළ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවකු දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත්තෙමු.
ඉන්පසු ව අප ඔහු ගේ දැනුම්දීම අනුව කෑගල්ල පොදු වෙළෙඳ සංකීර්ණය වෙත ගොස් ඔහු හමු වූ අතර, එහි දී ඔහු අප සතු මුදල් පෙන්වීමෙන් අනතුරු ව තැරැව්කරු, ව්‍යාජ ලෙස සකසන ලද සහතික පත්‍ර අප හට ලබා දුන්නේය.
අනතුරු ව ඔහු මෙම ජාවාරමේ ප්‍රධානීන් දෙදෙනා හමුවීමට ගිය අතරතුර අපි මෙම ජාවාරම පිළිබඳ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දුන්නෙමු.
ඒ අනුව ක්‍රියාත්මක වූ එහි නිලධාරීහු සැකකරුවන් දෙදෙනා මෝටර් රථයක් තුළ සිටිය දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
පසු ව ජාවාරමේ තැරැව්කරු ද පොලිස් අත්අඩංගුවට ගැනිණි.
අනතුරු ව කූට ලේඛන සැකසීම සඳහා භාවිත කළ උපකරණ ද පොලීසිය සිය භාරයට ගත්තේය.