පාසල් සිසුවියකට ලිංගික අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට

පාසල් සිසුවියකට ලිංගික අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට

November 28, 2023   09:35 am


අවුරුදු 16ක පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බවට පැවසෙන තරුණයෙක්ව වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එළුවන්කුලම - රාල්මඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (27) සවස උපකාරක පන්තියකට සහභාගී වී නිවස බලා එමින් සිටි අදාළ සිසුවිය මෙම සිදුවීමට මුහුණ පා තිබේ.

යතුරුපැදියකින් පැමිණි සැකකාර තරුණයා තමන්ගේ අතින් අල්ලා, මුහුණ සිප අතවර කළ බවට අදාළ සිසුවිය පොලීසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.