දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XI තාරකාවිය ලෙස අංජලී හේරත් කිරුළ පළඳියි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XI තාරකාවිය ලෙස අංජලී හේරත් කිරුළ පළඳියි

November 26, 2023   12:23 am

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර "දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XI" සිහින තාරකාවිය ලෙස කිරුළු පැළඳීමට අංජලී හේරත් සමත් වූවාය.

ඒ, ඊයේ (25) රාත්‍රිය වර්ණවත් කරමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අවසන් මහා තරගයේදී තියුණු සටනකිනි.

මුළු රටම ආදරයෙන් වැළඳගත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XI පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය.

මෙවර DREAM STAR තරගයේ විශේෂත්වය වූයේ අවසන් තරගකරුවන් තිදෙනාම තාරකාවියන් තිදෙනෙකු වීමය.

සිහින කිරුළ වෙනුවෙන් අපූර්වා ආශාවරී, අංජලී හේරත් සහ විදූෂා රාජගුරු තියුණු තරගයක නිරත වුණි.

අනුශූරතාවය දිනාගත්තේ විදූෂා රාජගුරු ය.

අපූර්වා ආශාවරී ට එහි තෙවන ස්ථානය හිමි වූවාය.