දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

November 25, 2023   02:50 pm

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී දියේ ගිලී මියගිය ආධුනික පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් නිලධාරියා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබේ.

ජාඇල පොලීසියේ රාජකාරියේ යෙදී සිටියදී එම නිලධාරියා පසුගිය 23 වනදා එම අනතුරට මුහුණදී තිබුණි.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ජාඇල පොලිස් ස්ථානය අසල ඇති ඇළට පැන පළායෑමට උත්සාහ කළ අවස්ථාවේදී නැවත අත්අඩංගුවට ගැනීම සඳහා ඇළට පැන තිබූ එම නිලධාරියා සැඩ පහරට හසුවී දියේ ගිලී මියගොස් තිබුණි.