බන්ධනාගාර නියාමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට

බන්ධනාගාර නියාමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට

November 24, 2023   07:27 am

මිනුවන්ගොඩ පොලිස් වසමේ පිහිටි බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසකට කලහකාරී පිරිසක් අයුතු ලෙස ඇතුළුවී ගිනිඅවි පෙන්වා තර්ජනය කර පහරදීමේ සිද්ධියක් 2023.05.12 වනදා වාර්තා වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කළේය.

ඒ අනුව ඊයේ (23) දහවල් තලංගම පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේය.

ඔහු 34 හැවිරිදි මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.