ඇමති රොෂාන්ට එරෙහි මරණ තර්ජන ගැන CIDය පරීක්ෂණ අරඹයි

ඇමති රොෂාන්ට එරෙහි මරණ තර්ජන ගැන CIDය පරීක්ෂණ අරඹයි

November 22, 2023   03:08 pm

සිය ජීවිතයට හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

පොළොන්නරුව බදුලුවැව සිරිසඟබෝ පෙදෙස අංක 1 දරණ ලිපිනයේ පදිංචි ආර්. එස්. රොෂාන් අනුරුද්ධ මහතා කළ පැමිණිල්ලක් අනුව එකී විමර්ශන ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය.