රාජිතට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින දෙයි
November 22, 2023 03:02 pm
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අද (22) දින නියම කර තිබේ.
මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමට ශ්‍රී ලංකා ධීවර වරායන් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරුන් පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව විසින් එම නඩුව පවරා ඇත.
හිටපු ධීවර අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා, ධීවර වරායන් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ මහතා යන තිදෙනාට එරෙහිව පවරා ඇති එම නඩුවේ සාක්ෂි විභාගය එළඹෙන 24 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එහිදී නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් තිදෙනාම අධිකරණය හමුවේ පෙනීසිට තිබුණි.