අධිකරණයක් ඉදිරිපිට දී දොළොස් හැවිරිදි දැරියකට අතවරයක්

අධිකරණයක් ඉදිරිපිට දී දොළොස් හැවිරිදි දැරියකට අතවරයක්

November 22, 2023   02:17 pm

ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සිද්ධියකට අදාළ නඩුවකට පෙනී සිටීම සඳහා ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණයට මව සමඟ පැමිණ සිටි 12 හැවිරිදි දැරියකට අධිකරණයේ පරිවාස කාර්යාලය ඉදිරිපිට දී අතවර කළ බව පැවසෙන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ මව විසින් පරිවාස කාර්යාලයේ නිලධාරිනියන් වෙත කරන ලද පැමිණිල්ලකින් අනතුරුව 58 හැවිරිදි අදාළ පුද්ගලයාව ගලගෙදර පොලීසියට භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය ගෙන් හා ඇගේ මව ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගලගෙදර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. 

ගලගෙදර පොලීසිය විසින් සැකකටයුතු පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.