ජපුර සරසවියේ කොටසක් වසා දමයි
November 20, 2023 10:01 pm
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසයි.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් එල්ලකළ බලපෑම් හමුවේ මෙම තීරණය ගෙන ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශ්වවිද්‍යාල සිසුන් 10කගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බවය.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරන්නේ මෙලෙස පංති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බවය.