ලෝක කුසලානයෙන් ලංකාවට ලැබුණු මුදල
November 20, 2023 04:17 pm
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට හිමිකර දෙමිනි.
මෙම තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රිකට් කණ්ඩායම් වෙත ලද මූල්‍යමය ත්‍යාගයන් ගැන මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව වැඩිම ත්‍යාග මුදල එනම් ශූරතාවයට හිමිවන මුදල වන අමෙරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාගය ඔස්ට්‍රේලියාව හිමිකර ගත්තේය.
අනු ශූරයින් වන ඉන්දියාවට හිමිවුයේ අමෙරිකානු ඩොලර් මිලියන 2කි.
අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත කණ්ඩායමට සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමිවිය.
එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ සෙසු සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සහ ඔවුන් ජයග්‍රහණය කළ එක් තරගයකට අමෙරිකානු ඩොලර් 40,000 බැගින් හිමිවිය.
ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 180,000ක මුදලක් හිමිවිය.