ඩිල්ශාන් මධුශංක ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුණු සුවිශේෂී තැන

ඩිල්ශාන් මධුශංක ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුණු සුවිශේෂී තැන

November 20, 2023   03:51 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක ව 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමට නම්කර තිබේ.

ඔහු සිය පළමු ලෝක කුසලාන තරගාවලියේදීම තරග 9කදී කඩුලු 21ක් දවා ගැනීමට සමත් විය. 

එම කණ්ඩායමේ සංයුතිය සඳහා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් වල ක්‍රීඩකයින් ඇතුළත්ය.

මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 6 දෙනෙක්, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක්, මෙන්ම ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් වලින් එක් ක්‍රීඩකයෙක් බැගින් ඇතුළත් ය.

නමුත් අවසන් මහා තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඔස්ට්‍රේලියනුවන් ව ලෝක කුසලානය කරා රැගෙන ගිය ට්‍රැවිස් හෙඩ් එම කණ්ඩායමට ඇතුළත් කර නොතිබීම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීහු පුදුම වෙති. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ කණ්ඩායම් පහතින්,

ක්වින්ටන් ඩි කොක් (කඩුලු රකින්නා)  (දකුණු අප්‍රිකාව)

රෝහිත් ශර්මා (නායක)  (ඉන්දියාව)

විරාත් කෝලි (ඉන්දියාව)

ඩැරල් මිචෙල් (නවසීලන්තය) 

කේ.එල්. රාහුල් (ඉන්දියාව) 

ග්ලේන් මැක්ස්වෙල් (ඔස්ට්‍රේලියාව) 

රවින්ද්‍ර ජඩේජා (ඉන්දියාව)

ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව) 

ඩිල්ශාන් මධුසංක (ශ්‍රී ලංකාව)

ඇඩම් සම්පා (ඔස්ට්‍රේලියාව)

මොහොමඩ් ෂමි (ඉන්දියාව)

ජෙරල්ඩ් කෝට්සි (දකුණු අප්‍රිකාව)