බිරිඳ ඝාතනයට ගිය සැමියා බිරිඳගේ පොලු පහරින් මරුට
November 19, 2023 05:19 pm
ඉපලෝගම, පළුගස්වැව ප්රදේශයේ දී කාන්තාවක් විසින් මුගුරකින් පහරදී සිය සැමියා ඝාතනය කර තිබේ.
ඊයේ (18) රාත්රියේ ඔවුන්ගේ නිවසේ දී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පිරිමි පුද්ගලයා විසින් බිරිඳට පහරදීම සඳහා තියුණු ආයුධයක් රැගෙන ඇය ලුහුබැඳ ගොස් තිබේ.
එහිදී ඇය දිව ගොස් නිවසේ කාමරයක සැඟව සිට සැමියා පැමිණි පසු කාමරයේ තිබූ මුගුරක් ගෙන ඔහුගේ හිසට පහරදී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් 47 හැවිරිදි ඔහුගේ බිරිඳ ඉපලෝගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.