තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම
November 16, 2023 05:06 pm
බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයෙකු එහි දඟරය වැදී ගෙල කැපී යාමෙන් ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම, පදිංචි ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ඔහු කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහුගේ පියා විසින් ඔහුව ඥාතියෙකුගේ නිවසක තබා ගමනක් යෑම සඳහා පිටත් වී තිබේ.
සිය බාප්පාගේ නිවසේ සිටි එම තරුණයා බැලන්සය භාවිතයෙන් ව්‍යායාම කරමින් සිටියදී එහි ස්ප්‍රින් එක ගැලවී එය තරුණයාගේ ගෙලෙහි වැදී තිබුණි.
ඉන් තරුණයාගේ ගෙලට බරපතළ තුවාල සිදුවී තිබුණු බව පොලීසිය පැවසීය.
පසුව ඥාතින් විසින් කඩිනමින් එම තරුණයාව පුත්තලම රෝහලට ඇතුළු කර තිබුණ ද ඒ වනවිටත් ඔහු මරණයට පත්ව සිටි බව පුත්තලම මූලික රෝහලේ බලධාරියෙකු පැවසීය.