නුවරඑළිය සහ රත්නපුර රෝහල්වලට පරිත්‍යාගයක්

නුවරඑළිය සහ රත්නපුර රෝහල්වලට පරිත්‍යාගයක්

November 16, 2023   02:48 pm

ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු පැසිෆික් සහයෝගීතා සංවිධානයේ ඉල්ලීමකට අනුව මෙරට ක්‍රියාත්මක පෞද්ගලික බැංකුවක් විසින් පරිත්‍යාග කරන ලද උපකරණ තොගයක් රත්නපුර සහ නුවරඑලිය රෝහල් වෙත පරිත්‍යාග කර තිබේ.

එම අවස්ථාවට ආපදා කළමනාකරණය සඳහා වූ පැසිෆික් සහයෝගීතා සංවිධානයේ සබරගමුව, ඌව පළාත් සම්බන්ධීකාරක එරංග අනුරාධ දයාසිරි මහතා සහභාගී විය.

එහිදී රෝහල්වල නේවාසික රෝගීන් සඳහා අවශ්‍යය කබඩ් හා ශ්වසන අපහසුතා ඇති රෝගීන් සඳහා අවශ්‍ය උපකරණ මෙලෙස පරිත්‍යාග කෙරුණි.

මෙම අවස්ථාවට රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි රණසිංහ මහත්මිය සහ නුවරඑළිය රෝහල වෙනුවෙන් එහි අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා සහභාගී වී තිබේ.