ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත් වෙයි

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත් වෙයි

November 15, 2023   03:49 pm

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වන විට පැවැත්වෙයි.

ඒ, වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර, ඔවුහූ මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 166ක් රැස් කරගෙන සිටිති.

මේ අතර, ලකුණු 79ක් ලබා සිටි ශුබ්මන් ගිල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

මස්පිඬු පෙරළීමෙන් ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු මෙසේ පිටියෙන් ඉවත් වූ බව වාර්තා වේ.

නායක රෝහිත් ශර්මා ලකුණු 47ක් රැස් කළ අතර, විරාට් කෝලි නොදැවී ලකුණු  36ක් රැස් කරගෙන සිටී.