ගුරුවරුන් යළි සටනට සැරසෙයි

ගුරුවරුන් යළි සටනට සැරසෙයි

November 14, 2023   09:25 pm

පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කෙරුණු 2024 අයවැය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සිය අප්‍රසාදය පළ කර තිබේ.

වෘත්තිය සංගම් රැසක් අද අවධාරණය කළේ රාජ්‍ය සේවකයින්ට ලැබිය යුතු රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩව අරගල සිදුකරන බවය.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ,

"ගුරු විදුහල්පති වැටුප් විශමතාවය ගැන වචනයක්වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ.. ලෑස්තිවෙන්න... අපේ අරගලයට මුහුණ දෙන්න."

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා,

"දෙසැම්බර් 02 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා."