අයවැය දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ
November 14, 2023 09:30 am
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14) සිට ආරම්භ වේ.
විවාදය අද සිට ලබන 21 වන දින දක්වා දින 07ක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 06ට පැවැත්වේ.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.
ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 06ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අයවැය විවාද කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 09.30 සිට 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05ක් සඳහා කාලය වෙන්කර ඇති අතර අනතුරුව විවාදය පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත් වේ.
