විමල්ගේ චෝදනාවට මහේල දුන් පිළිතුර
November 12, 2023 10:11 pm
විමල් වීරවංශ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන අදහස් දැක්වීය.
එහිදී අදහස් දැක්වූ මහේල ජයවර්ධන සඳහන් කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද මත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් ප්‍රකාශයක් සිදුනොකරන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන,
"පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුළේ කතාකරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි. මම හිතන්නේ ඔහු ඒක හින්දා ඒක කියන්න ඇති. ඔහුට තියෙනවානම් වෙනත් කරුණක් කියන්න ඔහුට පුළුවන් එළියේ ඇවිල්ලා ඒක කියන්න. මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙනවා යුනිට් එකක් ඒ යුනිට් එකට වුණත් ඒ දේ ප්‍රකශ කරන්න අයිතියක් තියෙනවා. මම හිතන්නේ එහෙම දෙයක් තියෙනව නම් ඔහු ඒක කියයි කියලා. නමුත් අර පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුළේ කරන එකට මම මොකුත් කියන්නේ නැහැ."
"වන්කඩේ එකේ පළමු මැච්දෙක ගහද්දි ඒ විකට්වල එතන පින්න තිබුණේ නැහැ. මුලින් අපි විකට් එක දැක්කම බැට් කරන්න හිතුවා. නමුත් අපි තරගයට ගියාම උදේ හීට් එකත් එක්ක වතුර දාලා තිබුණා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා අපිට ඛෙත්තාරාමෙත් එමෙහ වුණා . ඉන්දියාව එදා සෙල්ලම් කරපු විදිහ නිසා කඩුලු අරන් අපිට අඩු ලකුණු ගණනකට තියන්න තිබුණා. හැබැයි අපිට ප්‍රශ්නයක් තිබුණා පළමුවෙනි පන්දුවාර 10 හොඳට කරන්න ඕනේ. අඩු ලකුණු සීමාකළානම් ඒ දේ වෙනවා. අපි දෙවැනි පන්දුවෙන් කඩුල්ලක් ගත්තා ඊට පස්සේ අපිට උඩ පන්දු දෙකක් ගිලිහුණා. අපිට තිබුණා හඹාගෙන ගිහින් ගහන්න. මොකද අපි දැක්කා ඔස්ට්‍රේලියාවත් ඒක කළා ඇෆ්ගනිස්තානයට. අපි බැලුවේ හඹාගෙන ගිහින් ගහන්න. අපි වගකියන්න ඕනේ ඒ තීන්දු ගැන."
ප්රශ්නය - වර්තමාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පිළිබඳව ගොඩක් විවේචන තිබෙනවා. ඔබතුමාලා යම් ආකාරයකින් එතුමාගේ සිරකරුවන් වෙලා වෙගේද ඉන්නේ ?
"මම හිතන්නේ අපි කාගෙවත් සිරකරුවන් නෙවෙයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හෝ ප්‍රශ්න මේ ක්‍රීඩකයින්ටවත් අපිටවත් අදාළ නැහැ. මොකද අපි පරිපාලනයේ කට්ටිය නෙමෙයි."