header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
2024 අයවැය සහ ජය ගත යුතු වත්මන් අභියෝග
Nov 12, 202303:30 PM
2024 අයවැය සහ ජය ගත යුතු වත්මන් අභියෝග
Mobitel 1278

2024 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම එළැඹෙන නොවැම්බර් 13 වැනි දා සිදු කිරීමට නියමිත ව ඇත. විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත ය. 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත ය. දෙසැම්බර් 13 වැනි දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැය මහත් අභියෝගාත්මක එකක් වනු ඇති බව බහුතර විචාරකයන් ගේ මතයයි. 2019 වර්ෂයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ නමුත් ඔහු ඇතුළු පොදුජන පෙරමුණු ආණ්ඩුව 2022 වර්ෂයේ ජූලි මාසයේ දී පුරවැසි බලය හමුවේ පෙරළා දැමිණි. ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉතිරි ධුර කාලය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් විය. ඉන් පසු ශ්‍රී ලංකාවට උදා වූයේ, බරපතළ හා අභියෝගාත්මක තත්ත්වයකි. රනිල් වික්‍රමසිංහ ගේ ආගමනයෙන් පසු සමස්ත ශ්‍රී ලංකාවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් බවට පත් වූ බව ඇතැමුන් ගේ විශ්වාසය යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් ඉකුත් මාර්තු මාසයේ දී හිමි විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන යෝජනාවක් ලෙස ඉදිරිපත් වී තිබුණේ, ජාතික ආර්ථිකය හා රුපියල් සංචිතය ස්ථාවර කර ගැනීමය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව අනුගමනය කළේ, දේශීය බදු ආදායම් වැඩි කිරීමේ ක්‍රමවේදය යි. ඒ සඳහා උපයන විට බද්ද පෙර නො වූ විරූ ලෙස ඉහළ දැමුණු අතර, බරපතළ ලෙස වෘත්තිකයෝ රට හැර යාමට පටන් ගත් හ. වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ශීඝ්‍රයෙන් රට හැර යාමට පටන් ගත් අතර, ඇතැම් රෝහල්වල වාට්ටු සහ මහාචාර්‍ය ඒකක පවා පවත්වාගෙන යාම අභියෝගයක් බවට පත් විය. ඇතැම් රෝහල්වල සිටි එක ම විශේෂඥ වෛද්‍යවරයා ද රට හැර ගිය බවට පුවත්පත් වර්තා පළ විය.

බදු ආදායම හා රුපියල් සංචිත ශක්තිමත් කිරීම යන මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මතු වන ප්‍රධාන කාරණයක් ලෙස, ඇතැම් විපක්ෂ දේශපාලඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන කාරණයක් සිහිපත් කළ හැකි ය. ඔවුන් පවසන පරිදි උපයන විට අය කරන බද්දට වඩා විශාල බදු ප්‍රමාණයක් සමාගම් කිහිපයක් විසින් පැහැර හරින ලද බදු ලෙස එකතු වී ඇත. ඒවා ආණ්ඩුවේ හා ඊට සම්බන්ධ දේශපාලඥයන් ගේ ගජ මිතුරු සමාගම්වලින් අය විය යුතු ඒවා බවට ඔවුහූ චෝදනා නඟති. පැහැර හරින ලද බදු මුදල් අය කර ගත්තේ නම්, මහජනයාට පීඩා වන ආකාරයේ බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නො පවතින බව ඔවුහූ සඳහන් කරති.

බදු නිසා ඇති වූ මහජන පීඩාව ඔඩුදුවා ඇත. වෛද්‍යවරුන් ගේ හිඟයක් ඇත. එසේම රජයේ පාසල්වල බරපතළ ගුරු හිඟයක් පෙනෙන්නට තිබේ. රාජ්‍ය සේවක‍යෝ රුපියල් විසි දහසක දීමනාවක් ඉල්ලති. විදුලි බිල වාර්තා තබමින් ඉහළ ගොස් ඇත. ඉදිරියටත් ඉහළ යනු ඇත. ගෑස් මිල ද හදිසියේ ම ඉහළ ගියේ ය. වර්ජනවල ද නිමාවක් නැත. මේ ආදී දහසකුත් අර්බුද මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2024 වර්ෂයට අදාළ අයවැය කතාව කිරීමට සිදු වී ඇත. එය කෙබදු එකක් විය යුතු ද? වත්මන් අභියෝග ජය ගැනීම සඳහා ඒ තුළ අන්තර්ගත විය යුතු යෝජනා කෙසේ විය යුතු ද? මේ ඒ පිළිබඳ සිදු කළ විද්වත් මත විමසුමකි.

මහාචාර්‍ය අමින්ද මෙත්සිල,

2024 අයවැය ඇතුළෙ ආණ්ඩුව විසින් ජයගත යුතු ප්‍රධාන අභියෝග 05ක් මම දකිනවා. ප්‍රධානම අභියෝගයක් තමා, මේ අයවැය දිහා ජාත්‍යන්තර මූලය අරමුදල බලාගෙන ඉන්න එක. අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ගොඩකට යටත් වෙලා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒගොල්ලන් ගේ දෙවැනි වාරිකය හෝල්ඩ් කරගෙන මේ අයවැය දිහා බලාගෙන ඉන්නවා. එයාලට විශ්වාසයක් නෑ මේ අයවැය ගැන.
ඊළඟ අභියෝගය තමා අයවැයෙන් සේවක පඩි වැඩි වීම කියන කාරණය. ඒ වගේම සමාජ ආරක්ෂණ වියදම් වැඩි වෙලා තියනවා. බිලියන 4,150ක වගේ ආදායමක් අපිට අවශය යි. ගිය අවුරුද්දෙත් අපි ඇස්තමේන්තු කරපු ආදායම අපිට ආවෙ නෑ. අපිට උපරිම පුළුවන් වුණේ, බිලියන 2,900ක වගේ ආදායමක් එකතු කරගන්න. මේ ආදායම වැඩි කරගන්න එක තමා මේ සැරේ අයවැයෙන් තියන දෙවැනි ප්‍රධානම අභියෝගය. එතකොට එන ප්‍රශ්නය තමා, ඒ ආදායම වැඩි කරගන්න ගන්න ක්‍රමවේදය මොකක් ද කියන එක. බදු ආදායම වැඩි කරල ද එහෙමත් නැත්තං රාජ්‍ය දේපොළ විකුණල ද ඒ ආදායම වැඩි කරගන්නේ?
අනිත් අභියෝගය තමා, මේ අයවැය ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ, බරපතළ දේශපාලන අස්ථාවරත්වයක් සහිත පරිසරයක වීම. මේ අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත වෙන්න ඕනේ. හදිසියේ හරි පොහොට්ටුවේ කට්ටිය මේකට විරුද්ධ වුණොත් මේ අයවැය සම්මත කරගන්න වෙන්නේ නෑ. ඒ නිසා අයවැය ඡන්දයෙන් සම්මත් කරගැනීම විශාල අභියෝගයක්.
ඒ වගේම 2024 කියන්නේ මැතිවරණ අවුරුද්දක්. ඒ නිසා මේ ආණ්ඩුවට ආයෙ ඡන්දයෙන් දිනන්න නම්, මහජන ප්‍රසාදය සහිත අයවැයක් අවශ්‍ය වෙනවා. මේ තියන තත්ත්වය එක්ක එහෙම අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද කියන එක බරපතළ ප්‍රශ්නයක්.
අනිත් කාරණය තමා, මේ වෙලාවේ රටේ ජනතාව ඉන්නෙ බරපතළ පීඩාවකින්. මිනිස්සු හැම අතින්ම ඉන්නේ ලොකු වේදනාවකින්. ඒ නිසා මේ අයවැයට මිනිස්සුන් ගේ සහාය අවශ්‍ය වෙනවා. වැටුණ තැනින් ගොඩ එන්න පුළුවන්, මහජන ප්‍රසාදය සහිත ඉදිරිගාමී අයවැයක් වෙන්න ඕනෙ මේක. අර්බුදය විසඳන්න අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලැසුම් මේ අයවැයේ තියෙන්න ඕනේ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ, ලංකා ඉතිහාසයේ උදා වෙන බරපතළම හා අභියෝගාත්මකම අයවැය වෙන්නේ මේක''

මහාචාර්‍ය සුමනසිරි ලියනගේ

ආණ්ඩුවේ අයවැය හිඟය පියවෙනවා නම්, අනිත් හිඟයනුත් පියවෙනවා. රෝහල්වල බෙහෙත් නෑ, පාරවල් හදන්නෙ නෑ. ඒ හිඟයන් පියවගන්න පුළුවන් අයවැය හිඟය පියවගත්තොත්. ඒ වුණාට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්න. ඒකට තවත් බදු වැඩි කරන්නේ කොහොම ද කියන එකයි රනිල් කල්පනා කරන්නේ. තවත් ආදායම් වැඩි කරගන්න බදු ආදායම් වැඩි කරන්නයි මේ හදන්නේ. අයවැය හිඟය පියවන්න අත්‍යවශ්‍ය වියදම් කපාහරින්න බෑ. ඒ කොහොම කළත් සමහර අත්‍යවශ්‍ය වියදම් තියනවා ඒවා කපා හරින්න බෑ. මේ වෙලාවේ වැදගත්ම දේ තමා, මේ රටේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න ගන්න ඕන පියවරයන් ගැන කල්පනා කරන එක. ඒක ඔය නව ලිබරල් ප්‍රතිපත්තිවලින් කරන්න බැරි වැඩක්. බදු වැඩි කරලා, ප්‍රාග්ධන වියදම් කපා හැරලා ඒ වැඩේ කරන්න බෑ. මේ අයවැයෙන් ආර්ථිකය ස්ථාවර වෙනවට වඩා වෙන්නේ, රට ඉතාම නරක තැනකට පත්වෙන එක. 2024 කියන්නේ, මැතිවරණ අවුරුද්දක්. ඒ නිසා රනිල්ට ඡන්ද ගුණ්ඩු ටිකකුත් දෙන්න වෙනවා. ඒ නිසා තමා ඔය පඩි වැඩි කරන්න හදන්නේ. 2024 මැතිවරණය කියලා ආණ්ඩුවට මහලොකු දේවල් කරන්න බෑ. මේ හදිසියේ බන්දුලට පාරවල් හදන්න බෑ. මොන මොන ඡන්ද ගුණ්ඩුව දැම්මත් ඒවා ආර්ථිකය ඇතුළෙ වැඩ කරන්නේ, ඉතාම අහිතකර විදියකට. අයි.එම්.එෆ් දෙවැනි වාරිකය ගැන සමහර අය කතා කරනවා. දෙවැනි වාරිකය අයි.එම්.එෆ් එක දෙයි කොහොමත්. මොක ද ලෝක අධිරාජ්‍යවාදය ඇතුළේ ඉන්දියාව, ඇමරිකාව වගේ රටවල්වලට මේ ආණ්ඩුව ඕනේ. අයි.එම්.එෆ් එක සල්ලි දෙන ගමන් ම රටේ ණයකරුවන්ට ණය පියවන්න ආණ්ඩුව මෙහෙයවනවා. ඒ කියන්නෙ ලෝක මූල්‍ය ප්‍රාග්ධනයේ ණය ඔවුන්ට ආපසු ලබාගන්න අවශ්‍ය පරිසරය රටට හදලා දෙන එක තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන් වැනි ලෝකයේ රටවල් සම්බන්ධ ව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය තමා ඕක.

දේශපාලන ක්‍රියාකාරික, ආර්ථික විශ්ලේෂක චතුරංග අබේසිංහ,

''දැනට අපේ රටේ තියන ප්‍රධාන අර්බුදය විදියට අපි දකින්නේ, ආදායම් සහ වියදම් පියවා ගැනීමට ඇති අපහසුතාව. නොගෙවූ ණය ට්‍රිලියන 6යි දශම ගණනක් තියෙනවා. හරියට ම කිවුවොත් ට්‍රිලියන 6.563ක් රජයේ ණය ආපසු ගෙවීම් හැර වියදම් විදියට සටහන් වෙලා තියනවා. එතැනින් ට්‍රිලියන 2.6ක් පොලී ගෙවීම්. ආදායම් අර්බුදයත් මෙතැන දී ප්‍රධාන වෙනවා. මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වුණේ, ට්‍රිලියන 3.4ක්. ඒත් ලැබුණේ ට්‍රිලියන 2.7ක්. පළවෙනි අර්බුදය විදියට අපි දකින්නේ මේක. ඒ වගේම මේ අර්බුදය විසඳන්න අවශ්‍ය ව්‍යුහාත්මක වැඩපිළිවෙළකුත් පනත් කෙටුම්පත ඇතුළෙ අපිට පේන්න නෑ. නිෂ්පාදන වැඩි කරගන්නෙ නැතුව කිසි දෙයක් කරගන්න බෑ. රටේ ජනතාව ගෙන් තුනෙන් එකක් දරිද්‍රතාවට පත් වෙලා. ආණ්ඩුව තව තවත් බදු පනවමින් ඉදිරියට යන්න හදනවා.
දෙවැනි අර්බුදය විදියට අපි දකින්නේ, රටේ ප්‍රධාන පද්ධතීන්වල කඩා වැටීම. සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජීය තත්ත්වය වගේ දේවල් බරපතළ කඩා වැටීමකට ලක් වෙලා තියනවා. ජනතාවට අලුත් බලාපොරොත්තුවක්, අලුත් විශ්වාසයක් ගොඩනැඟෙන අයවැයක් බවට මේ අයවැය අනිවාර්‍යයෙන් පත් වෙන්න ඕනේ. ඒ නිසා 2024 වර්ෂය කියන්නේ, අනිවාර්‍ය මැතිවරණ වසරක්. 2024 දි අනිවාර්‍යයෙන් මැතිවරණයක් පවත්වන්න ඕනේ.
තුන් වැනි කාරණය තමා ජාත්‍යන්තරය එක්ක පවත්වන ගනුදෙනු. මේ වෙලාවේ තියන ආර්ථික අර්බුදය එක්ක ජාත්‍යන්තර කොන්දේසිවලට සාර්ථක ව මුහුණ දෙන්න අපිට බැරි වෙලා තියෙනවා. රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කරන කල් කිසි ම ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න බෑ. ආර්ථිකය සංකෝචනය වෙන වෙලාවක තව තවත් බදු ගහලා ප්‍රශ්න විසඳන්න බෑ. ආර්ථිකයට සල්ලි එන මාර්ගත් මේ ආණ්ඩුව විකුණමින් ඉන්නවා. එස්.එල්.ටී එක පෙට්‍රෝලියම් එක ලාබ ලබන ආයතන. ඒවා විකුණන එක අතිශය අනුවණ ක්‍රියාවක්. අපිට පේන්නේ අර්බුදය තවත් දරුණුයි කියන එක''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු