මා ඔයේ ගිලී තරුණයකු අතුරුදන් වෙයි

මා ඔයේ ගිලී තරුණයකු අතුරුදන් වෙයි

November 12, 2023   11:57 am

රඹුක්කන, බොලගම පාලම අසල මා ඔයේ ගිලී තරුණයකු අතුරුදන් ව තිබේ.

මා ඔයේ දියනෑමට ගිය 29 හැවිරිදි පුද්ගලයකු එලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පැවසීය.

ඔහු මිතුරන් පිරිසක් සමඟ උපන්දින සාදයක් පැවැත්වීමට අදාළ ස්ථානයට ගොස් සිටිය දී එම අනතුරට ලක් ව ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අතුරුදන් වූ තරුණයා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.