හරක් කටා, කුඩු සළිඳු හා ටිංටිං පිළිබඳ මහෙස්ත්‍රාත්වරයාට දැනුම්දීමක්
November 10, 2023 09:39 pm
හරක් කටා, කුඩු සළිඳු හා ටිංටිං යන අපරාධකරුවන් තිදෙනාට කෙටි ආහාර හෙවත් short eats ලබා ගැනීමට අධිකරණය ලබා දුන් නියෝග ප්‍රකාර ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා නොකරන බවට එම තිදෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක වන ඉවෝන් නිරාශා මහත්මිය කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඊයේ (09) දැනුම් දී තිබේ.
මෝසමක් ගොනු කරමින් ඇය පැවසුවේ, සැකකරුවන් හමුවීමට ලබාදිය යුතු මිනිත්තු 30 කාලය ද ලබා නොදෙන බවයි.
එහි දී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, ඉදිරි දින නිරීක්ෂණ සඳහා ගිය විට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.