බෙන් ස්ටෝක්ස් ට ශතකයක්
November 8, 2023 05:44 pm
නෙදර්ලන්තය සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී අනර්ග ශතකයක් රැස්කිරීමට බෙන් ස්ටොක්ස් සමත් විය.
ඔහු සිය ශතකය රැස්කළේ පන්දු 78කිනි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 339ක් රැස් කරගැනීමට එංගලන්තය සමත්විය.
තරගය ජයගැනීම සඳහා නෙදර්ලන්තයට හිමිවි ඇති ඉලක්කය ලකුණු 340කි.