එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

November 4, 2023   06:03 pm

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය අද (04) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49 පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 286ක් පමණි.

තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 287කි.