බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පුහුණු සැසි අතහැර දමයි
November 4, 2023 05:34 pm
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණු සැසි සඳහා එක්වී සිටි බංගලාදේශ සහ ශ්‍රී ලංකාව හදිසියේම එම පුහුණු සැසි අවලංගු කිරීමට කටයුතු කර තිබේ.
ඒ, දිල්ලි නුවර වායූ දූෂණය දරුණු තත්ත්වයකට පත්වීම හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ප්‍රථමයෙන් ඔවුන්ගේ පුහුණු සැසිය අවලංගු කර තිබූ අතර ශ්‍රී ලංකාව අද දිනයේ සිය පුහුණු සැසිය අවලංගු කර තිබූ බවය.
කණ්ඩායම් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම තීරණ ගෙන තිබේ.
