නිර්මලා සීතාරාමන් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

නිර්මලා සීතාරාමන් ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

November 2, 2023   01:37 pm

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඊයේ (01) පස්වරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළඳා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තාය.

අනතුරු ව ඉන්දීය මුදල් අමාත්‍යවරිය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද හමු විය. 

ඉන් අනතුරු ව සීතාරාමන් මහත්මිය මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දකිනු ලැබිණි.

පසු ව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.

අනතුරු ව ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්‍රීකුණාමල ප්‍රදේශයේ සංචාරයකට ද එක් වූ අතර, එහි දී නිර්මලා සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමල‍ය තෙල් ටැංකි සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

අද උදෑසන ඉන්දීය මුදල් අමාත්‍යවරිය කෝනේෂ්වරම් කෝවිලේ දී ආගමික වතාවත් සඳහා ද එක් විය.

මේ අතර, අද උදෑසන ත්‍රීකුණාමලයේ පිහිටි ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට ද ඉන්දීය මුදල් අමාත්‍යවරිය එක් වුණු බව වාර්තා වේ.