මිචෙල් මාෂ් යළි ඔස්ට්‍රේලියාවට
November 2, 2023 11:20 am
ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක මිචෙල් මාෂ් හදිසියේම ඔස්ට්‍රේලියාව බලා පිට ව ගොස් ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඒ අනුව ඔහුට ලබන 04 වැනිදා එංගලන්තය සමඟ පැවැත්වෙන තරගය අහිමි වනු ඇත.
පෞද්ගලික හේතුවක් මත මෙසේ මිචෙල් මාෂ් නැවත තම මව්රටට ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව එංගලන්ත තරගය සඳහා ග්ලෙන් මැක්ස්වෙල් මෙන්ම මිචෙල් මාෂ් ද ක්‍රීඩා නොකරනු ඇත.
ග්ලෙන් මැක්ස්වෙල් ද ගොල්ෆ් රථයකින් ඇද වැටී සිදු වූ සුළු අනතුරක් හේතුවෙන් එංගලන්ත තරගයේ දී විවේක ගන්වා ඇති බව වාර්තා වේ.
මේ ආදී කරුණු කාරණා හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සමතුලිතතාව අභියෝගයට ලක් වන බව විචාරකයෝ පෙන්වා දෙති.