වලවේ ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට විශේෂ දැනුම්දීමක්
November 1, 2023 05:15 pm
ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග මේ වනවිට උඩවලව ජලාශය පිරී යමින් පවතින පවතී.
මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකයේ උසස් නිලධාරියෙකු අද දෙරණ වෙත පැවසුවේ මේ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ උඩවලව ජලාශය වාන් දැමීම ආරම්භ කරනු ඇති බවය.
මේ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බවද මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව උඩවලව ජලාශයෙන් පහළ වලවේ ගඟ දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටී.
