මරදාන කැලඹූ මළ සිරුර
October 30, 2023 09:22 am
මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.
ඊයේ (29) අලුයම එම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරක් මත මරදාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වන උස අඩි 05 අඟල් 08ක, තලෙළු සිහින් සිරුරක් හිමි කොණ්ඩය කොටට කපා, නිකට යටින් රැවුල වැවී ඇති දම් පැහැ කොට කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසුණ අයෙකි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
