තංගල්ලේ සුද්දා ඝාතන 19ක් ගැන පාපොච්චාරණය කරයි
October 28, 2023 06:56 pm
නිලන්ත කුමාර නොහොත් "තංගල්ලේ සුද්දා" නම් වෙඩික්කරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරු ඝාතන සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සොයාගත් බවය.
ඒ උණවටුන ප්‍රදේශයේ සඟවා තිබියදීය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමග නිලන්ත කුමාර නොහොත් "තංගල්ලේ සුද්දා" නැමැති වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී විමර්ශන නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ, තමන් වෙඩිතබා හා කපා කොටා පුද්ගල ඝාතන 19ක් සිදුකළ බවය.
එමෙන්ම මාකඳුරේ මදූෂ් ඇතුළු ප්‍රබල අපරාධකරුවන් රැසකගේ කූලී ඝාතකයෙකු ලෙසටත් කටයුතු කළ බව සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
සැකකරු පැවසූ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.
