අද දෙරණ අනාවරණයෙන් පසු මගීන්ට තාවකාලික පාලමක්

අද දෙරණ අනාවරණයෙන් පසු මගීන්ට තාවකාලික පාලමක්

October 27, 2023   03:11 pm

බම්බලපිටිය දුම්රිය ස්ථානයට පිවිසෙන පාලමේ අලුත්වැඩියා කටයුතු මාස 5ක් තුළ අවසන් කරන බව ප්‍රවාහන, මහමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසයි.

දුම්රිය ස්ථානයේ පාලම අබලන්වී ඇති බවට අද දෙරණ කළ අනාවරණයකින් පසු එහි ප්‍රතිසංස්කරණ කටයුතු මෙලෙස ආරම්භ කෙරුණි.

එම ප්‍රතිසංස්කරණ කටයුතු නිමවන තෙක් දුම්රිය මගීන්ට භාවිත කිරීම සඳහා තාවකාලික පාලමක් එම ස්ථානයේ ඉදිකර තිබේ.

අද (27) එය විවෘත කිරීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදුකෙරුණි.