ඉතාලියේ රිදී තිරයට ගිය 'විහඟ ප්‍රේමය' (Peacock Lament)

ඉතාලියේ රිදී තිරයට ගිය 'විහඟ ප්‍රේමය' (Peacock Lament)

October 27, 2023   02:10 pm

දැවෙන විහඟුන්, ඉගිලෙන මාළුවෝ සහ මේ දිනවල තිරගත වන ආසු සිනමාපටවල අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර ගේ තවත් සිනමා නිර්මාණයවක් වන 'විහඟ ප්‍රේමය' (Peacock Lament) ඉකුත් 20 වැනිදා සිට ඉතාලියේ තිරගත වීම ඇරඹිණි.

විහඟ ප්‍රේමය, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර නිල වශයෙන් සිදු වූ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය බව වාර්තා වේ.

එසේම ශ්‍රී ලාංකික පුරවැසිභාවය පමණක් හිමි සිනමා නිර්මාණකරුවකු විසින් අධ්‍යක්ෂණය කර, ඉතාලියේ වාණිජමය වශයෙන් තිරගත වන පළමු චිත්‍රපටය ද මෙය වන බව සඳහන්ය.

විහඟ ප්‍රේමය චිත්‍රපටය 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය හෙවත් Best Artistic Contribution Award සම්මානය දිනා ගැනීමට ද සමත් වී තිබේ.

ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළ, ලොව ඇති A ශ්‍රේණියේ සිනමා සම්මාන උලෙළ අතරින් එකක් වන බව ද වාර්තා වේ.

සබීතා පෙරේරා, අකලංක ප්‍රභාශ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, සහ ප්‍රකට ඉතාලි රංගන ශිල්පියකු වන ලෝරන්සෝ අක්කුවිවා ඇතුළු පිරිසක් විහඟ ප්‍රේමය සඳහා රංගනයෙන් දායක වී ඇත.

විහඟ ප්‍රේමය සිනමා කාර්‍යය තුළ, බිලිඳු දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති චිත්‍රපටයකි.