මාසයක් තුළ දැරියන් 168ක් දූෂණය කරලා

මාසයක් තුළ දැරියන් 168ක් දූෂණය කරලා

October 25, 2023   06:26 pm

මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනෙකු දූෂණයට ලක්කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඉන් දැරියන් 22ක් ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය,

"2023.09.01 සිට 2023.09.30 දක්වා මාසයක් ඇතුළත වයස අවුරුදු 16ට අඩු දරුවන් 168 දෙනෙක්ව දූෂණයට ලක්වෙලා තිබෙනවා."

"ඒ අය අතරින් මේ වනවිටත් දරුවන් 22ක් ගර්භණී බවට පත්වෙලා. අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඉන්නේ."