SJB තීරණයට එරෙහි හරීන් සහ මනුෂ ගේ පෙත්සම් ගැන දුන් නියෝගය
October 23, 2023 12:57 pm
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් විභාගය මේ මස 27 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
එම පෙත්සම අද (23) විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහෙත් අද, පෙර දින මෙම පෙත්සම් විභාගයට සහභාගි වූ විනිසුරු මඩුල්ල නිසියාකාරව සංයුක්ත වී නොමැති හෙයින් එම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 27 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
එබැවින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
