යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිලේ ලොකු වෙනසක්
October 16, 2023 10:59 am
ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.
පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20ක් ලෙසය.
නමුත් අද (16) ද බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුනොවිණි.
නමුත් විචාරකයින් පවසන්නේ ඊශ්‍රායෙල් - හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින් එය ලෝක බොර තෙල් වෙළෙඳපොළට සුබදායී පණිවුඩයක් නොවන බවය.