දෙරණ 18 වැනි සංවත්සරයට සාපේක්ෂ ව මව් දෙරණට පැළ ලක්ෂ 100ක්
October 14, 2023 02:02 pm
ශ්‍රී ලංකාවේ අංක එකේ නාලිකාව ටී.වී.දෙරණ 18 වන සංවත්සර සැමරුම වෙනුවෙන් 'මගෙන් ගසක් මව් දෙරණට' පැළ මිලියන 10ක් සිටුවීමේ වැඩසටහන අද (14) ආරම්භ විය.
ඒ පිළිබඳ ප්‍රේක්ෂක ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් ටී.වී දෙරණ උදෑසන 7.30 සිට දහවල් 12 දක්වා සජීවි විකාශයක් ගෙන එනු ලැබිණි.
මනුසත් දෙරණ සොබාදම් බළකාය එක් ව මිලියනයක් පැළ සිටුවීමේ ක්‍රියාන්විතය 2016 වසරේ දී ආරම්භ කළ අතර, අවසන් මිලියනය පැළය 2019 මාර්තු 15 වැනිදා කුරුණෑගල රිදී විහාරයේ සින්දු හස්තිරාජයා විසින් රෝපණය කරමින් මව් දෙරණට දායද කරනු ලැබිණි.
එහි දෙවන අදියර ලෙස පැළ මිලියන 10ක් සිටුවීමේ ක්‍රියාන්විතය අද ආරම්භ විය.
සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි මෙම ක්‍රියාන්විතය දියත් කර තිබේ.
මිලියනය 10ක් පැළ සිටුවීමේ වැඩසටහන සමඟ එක්වෙමින් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ව්‍යාවසායක දිලිත් ජයවීර මහතා කඩවත අධිවේගී පිවිසුම අසල දී පැළයක් රෝපණය කරනු ලැබීය.
එම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද එක් විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද මෙම ක්‍රියාන්විතයට එක්වෙමින් කතානායක නිල නිවස පරිශ්‍රයෙහි පැළයක් රෝපණය කරනු ලැබුවේය.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැළ මිලියන 10ක් සිටුවීමේ වැඩසටහ සමඟ අත්වැල් බැඳගනු ලැබුවේ පැළයක් රෝපණය කරමිනි.
එසේම මහාසංඝරත්නය ද මිලියනය 10ක් පැළ සිටුවීමේ වැඩසටහන සමඟ එක්වූහ.
අනෙකුත් ආගමික පූජක පක්ෂය ද රුක් රෝපණ වැඩසටහන සමඟ දෙරණ සමඟ අත්වැල් බැඳගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙන්ම පාසල් දරුවන් ද මෙම ක්‍රියාන්විතය සඳහා මනුසත් දෙරණ සමඟ සම්බන්ධ විය. අත්වැල් බැඳගත්තා.
ටී.වි.දෙරණ හා අද දෙරණ 24 නාලිකා ඔස්සේ විකාශය වූ පැළ මිලියන 10ක් සිටුවීමේ සජීවි වැඩසටහන සමඟ කලාකරුවෝ ද විශාල පිරිසක් ද එක් ව සිටියහ.
මෙම සජීවි විකාශය අතරතුර දී රට පුරා සිටින ජනතාව වට්ස්ඇප් ඔස්සේ අප වෙත එවන ලද පැළ සිටුවන ඡායාරූප ද විකාශය කෙරිණි.
එම ඡායාරූප මෙම මාසය පුරාම ටීවී දෙරණ ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
එලෙස මෙම වැඩසටහනට සක්‍රීය දායකත්වය දැක්වූ ඔබත් 'රට ලස්සන කරන හිත් ලස්සන කෙනෙක්'.
මිහිමව වෙනුවෙන් මනුසත් දෙරණ සොබාදම් බළකාය හා එක්වූ ඔබ සැමට දෙරණ මාධ්‍ය ජාලයේ ආචාරය.
මෙරට රූපවාහිනී මාධ්‍යයට නවමු සංකල්ප අවැසි ව සිටි යුගයක අපේ උරුමය රැගත් නවමු රූපවාහිනී නාලිකාවක් ලෙස TV දෙරණ සම්ප්‍රාප්තිය සිදු වූයේ, මීට වසර 18කට පෙර එනම් 2005 වර්ෂයේ ඔක්තෝබර් 11 වැනිදායි.
ඒ 'අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන' යන්න තේමාව කරගනිමිනි.
එදා බස්නාහිර පළාතට පමණක් සීමා වූ නාලිකාවක් ලෙසින් ඇරඹී ටී.වී දෙරණ අද වන විට ප්‍රවෘත්ති හා කාලීන, ක්‍රීඩා, අන්තර්ජාලය හා වෙබ් අවකාශය හා මනුසත් දෙරණ ඇතුළු අංශ රැසක් සමඟින් ඔබේ ජනාරදරයට පත් ව අවසන්ය.
ආරම්භ කර කෙටි කලකින්ම දෙරණ ලිට්ල් ස්ටාර් හඳුන්වා දෙමින් මෙරට රියැලිටි කලාවේ නව වෙනසක් සිදු කළ දෙරණ, ඩ්‍රීම්ස්ටාර්, දෙරණ සිටි ඔෆ් ඩාන්ස්, දෙරණ සික්ස්ටි ප්ලස් ආදි රියැලිටි වැඩසටහන් රැසක් හරහා දක්ෂයන් දැයට තිළිණ කළේය.
එමෙන්ම දෙරණ මියුසික් වීඩියෝ එවෝර්ඩ්ස් හා දෙරණ ෆිල්ම් එවෝර්ඩ්ස් හරහා මෙරට කලා ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් සිදු කළ කලා ශිල්පීන්ටත් ටී.වී දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන ප්‍රධානෝත්සව රැසක් මඟින් විවිධ කේෂ්ත්‍රවල දක්ෂයන් ගේ සේවයත් ජාතික වශයෙන් ඇගයීමකට ලක් කළේය.
දෙරණ ඔස්සේ විකාශය වන දෙවැනි ඉනිම, සංගීතේ, ඉස්කෝලේ, සැලෙනා නුවන් වැනි ටෙලිනාට්‍ය මෙරට ප්‍රේක්ෂක ජනතාව ඇඳබැඳ ගත් බව සනාථ වන්නේ, රූපවාහිනී වැඩසටහන් ශ්‍රේණිගතකිරීම්වල එම ටෙලිනාට්‍ය නාමයන් ප්‍රේක්ෂක මනාපයේ ඉහළින්ම රැඳී සිටින නිසයි.
මෙරට අංක එකේ ප්‍රවෘත්ති සන්නාමය හා පුවත් සපයන්නා ලෙස TV දෙරණ ඔස්සේ සමීප වූ 'අද දෙරණ' ජනතාව ගේ ඉහළම විශ්වාසය දිනූ ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පත්වූ බවට දේශීය ව මෙන්ම ජාත්‍යන්තරවත් දිනාගත් සම්මාන සාක්ෂි දරයි.
එමෙන්ම ප්‍රවෘත්ති සන්නිවේදනයේ වෙනසක් සිදු කරමින් ලංකාවේ පළමු වරට ප්‍රවෘත්ති කෙටි පණිවුඩ සේවා භාෂා ත්‍රිත්වයෙන්ම ගෙන ආවේ ද අද දෙරණයි.
ප්‍රේක්ෂක රසාස්වාදය වෙබ් අවකාශය ඔස්සේ මුදාහරිමින් ටී.වී දෙරණ යූ ටියුබ් නාලිකාව මිලියන 05කට ආසන්න ග්‍රාහක පිරිසක් සම්පූර්ණ කළ මෙරට ඉතිහාසයේ පළමු සහ එකම ටී.වී නාලිකාව බවට පත් වී ඇත්තේ, TV දෙරණ මෙරට අංක එකේ නාලිකාව බව යළි සනාථ කරමිනි.
අදටත් කැපී පෙනෙන සමාජ මෙහෙවරක් ඉටුකරමින් සිටින දෙරණ, තම සාම්ප්‍රදායික මාධ්‍ය මෙහෙවරින් ඔබ්බට යමින් මනුසත් දෙරණ හා ලිට්ල් හාට්ස් වැනි විශේෂ සමාජ සේවා ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූයේ රටට අවැසිම තැන දී සිය යුතුකම නොපිරිහෙලා ඉටු කරමිනි.
මේ සියල්ල සමඟින් දෙරණ මාධ්‍ය ජාලය 2017 වසරේ සිට මේ දක්වා අඛණ්ඩ ව හත් වසරක් ජනතාව ගේ නාලිකාව ලෙසින් ස්ලිම් සම්මාන උලෙළේ දී සම්මානයට පාත්‍ර විය.
එමෙන්ම වසර ගණනාවක් ස්ලිම් සම්මාන උලෙළේ දී වසරේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව, යෞවනයේ ජනප්‍රියම නාලිකාව, වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති විකාශය සහ ජනප්‍රියම ටෙලි නාට්‍ය ඇතුළු ව සම්මාන රැසකින් පිදුම් ලැබුවේ, මෙරට ප්‍රේක්ෂක ජනතාව ගේ හදවගේ අංක එකේ රැඳි මාධ්‍ය ජාලය බව යළි යළිත් තහවුරු කරමිනි.
මෙරට ප්‍රේක්ෂකයන් ගේ රසවින්දනය මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් මෙලෙස 18 වසරක් පුරා අනුපමේය මෙහෙයක් ඉටු කළ ටීවී දෙරණ තවත් අලුත් වෙමින් හෙටත් ඔබ ගේ නිවසට පැමිණෙනු ඇත.
මෙතෙක් ආ ගමන් මඟේ අපත් සමඟින් සිටි ප්‍රේක්ෂක ඔබට ස්තූතියි.