වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක්

වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක්

October 12, 2023   07:17 pm

ඔක්තෝබර් මාසය තුළ වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන නමුත් චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වන බවය.

ඔක්තෝබර් 14 වැනිදා සිදුවන වළයාකාර සූර්යග්‍රහණය අමෙරිකාව, මෙක්සිකෝව, කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවලට දිස්වන බව සඳහන්ව ඇත.

 මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ ඉන් දින 14කට පසුව එනම් මේ මස 28 වැනිදා රාත්‍රී 11.32ට අර්ධ චන්ද්‍රග්‍රහණය සිදුවන අතර එය 29 වැනිදා අලුයම 1.05 සිට අලුයම 2.23 දක්වා ශ්‍රී ලංකාවට දිස්වන බවය.