කලාභූෂණ රාජ්‍ය සම්මාන...

කලාභූෂණ රාජ්‍ය සම්මාන...

October 11, 2023   03:49 pm

කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කලා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වුණි.

මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 38 වන වරටය.

කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිනත කලාකරුවන් 200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.