ශ්‍රීලන්කන් සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්

ශ්‍රීලන්කන් සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්

October 9, 2023   04:58 pm

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිසි ලෙස පවත්වාගෙන නොයන්නේ නම් ශ්‍රී ලංකාව තුළ එම සේවාවන් සැපයීම සඳහා වෙනත් ගුවන් සේවාවන්වලටද අවස්ථාව ලබාදෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (09) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. 

පසුගිය දිනවල සිදුවූ ගුවන් යානා ප්‍රමාදයන් හේතුවෙන් ඩොලර් මිලියන 6ක් පමණ අමතර වැය වූ බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී වැඩිදුටත් පැවසීය.