සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුව අද උදේ

සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුව අද උදේ

October 4, 2023   07:53 am

සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රීකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මූලික කරගමින් එම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා,

"2004 වර්ෂයේ සිදුවු සුනාමි අනතුරින් අනතුරුව මෙම ඉන්දියන් සාගර කලාපයේ නැවත එවැනි ව්‍යවසනයක් ඇති වුවහොත් ක්ෂණිකව මෙම කලාපයේ තියෙන සියලුම රටවල් සඳහා මේ අවධානම් තොරතුර දැනුවත් කිරීම. ඒ රටවල් සුදානම් කර තිබෙන ක්‍රියාදාමය අනුව අවධානමට ලක්වන පුද්ගලයින් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සෑම වසර දෙකකට සැරයක් යුනෙස්කෝ සංවිධානය සම්බන්ධීකරණයෙන් සහ ඉන්දියන් සාගරයේ පෙර දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ ඉටුකිරීමක් සිදුකරනවා. ඒ අනුව අද උදේ 9.30ට මේ සුනාමි අවධානම ගැන දැනුවත් කිරීම සහ ජනතාව ඉවත් කිරීමේ පෙරහුරුවක් සිදුකරනවා."